ආයුබෝවන්..!

Department of Social Welfare, Probation and Child Care Services Logoශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව  වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු..

ශ්‍රී ලංකාවේ පළාත් සභා ක‍්‍රමය 1987 ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලදි. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ කටයුතු 1988 ජූලි මස 14 වන දින ආරම්භ කරන ලදි. මධ්‍යම පළාත් බල ප‍්‍රදේශය මහනුවර, මාතලේ, නුවරඑළිය යන පරිපාලන දිස්ති‍්‍රක්ක 3 කින් සමන්විත වේ. මධ්‍යම පළාතේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප‍්‍රධාන ජන වර්ග 3හි නියෝජිතයන් පනස් අට දෙනෙකුගෙන් මධ්‍යම පළාත් සභාව සමන්විත වේ.

පාර්ලිමේන්තුව සඳහා වෙන් කරන ලද කටයුතු හා විෂයන් II වන ලැයිස්තුව වන සංවෘත ලැයිස්තුවෙහි සඳහන් වන අතර, පාර්ලිමේන්තුවෙන් සහ පළාත් සභාවෙන් සිදු කළ හැකි විෂයයන් හා කටයුතු III වන ලැයිස්තුවෙහි දක්වා ඇති අතර, එම ලැයිස්තුව සමගාමී ලැයිස්තුව ලෙස හැඳින්වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව පළාත් සභා ලැයිස්තුවෙහි අන්තර්ගත විෂයයන් ඔස්සේ මධ්‍යම පළාතට යෝග්‍යවන්නා වු කරුණු සම්බන්ධව ප‍්‍රඥප්ති සකස් කිරීමේ බලය පළාත් සභාව සතු වුව ද, සංවෘත ලැයිස්තුවෙහි අන්තර්ගත විෂයයන් පිළිබඳව කටයුතු, මධ්‍යම රජය විසින් සිදුකරනු ලබයිx සමගාමි ලැයිස්තුවෙහි අන්තර්ගත විෂයයන් පිළිබඳව අන්‍යෝන්‍ය උපදෙස් මත නීති සැකසීමේ බලය පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට එකසේ හිමිවේx 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, එසේ සැකසෙන ප‍්‍රඥප්ති මධ්‍යම පළාත් සභාවේ සම්මත වීමෙන් අනතුරුව ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලැබීමෙන් පසු මධ්‍යම පළාතේ නීතිය බවට පත්වේx එසේම 1987 පළාත් සභා පනතේ අංක 42 විධිවිධාන අනුව, පළාත් මූල්‍ය බලතල ආණ්ඩුකාරතුමා වෙත පැවරේ.

අපගේ දැක්ම, මෙහෙවර හා නිමවුම් දර්ශක

අපගේ දැක්ම

අවාසි සහගත ප්‍රජාව උදෙසා ආරක්ෂිත හා රැකවරණය සපිරි සමාජයක්...

අපගේ මෙහෙවර

ළමා කාලය ඵලදායීව හා සුරක්ෂිතව ගතකිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමත් කායික, මානසික හා සාමාජීය වශයෙන් අවාසි සහගත තත්ත්වයන්ට පත් වූ ජනතාව සමාජසංවර්ධනයට දායක කරවීමට අවශ්‍ය මූල්‍ය, භෞතික හා තාක්ෂණික සහාය සාධාරණත්වයෙන් හා සමානාත්මතාවයෙන් සැලසීම.

නිමවුම් දර්ශක

  • දෙපාර්තමේන්තුවේ සේවය ලබන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්හට (අත්වාරු/කෘත්‍රිම පාද/ කිහිලිකරු) ස්වයං කාර්යය ඉටු කර ගැනිමේ හැකියාව ඇතිවිමේ ප්‍රතිශතය.
  • රජයේ භාරගැනීමේ නිවාසයට ඇතුළුවන අනාථ, අත්හල, අසරණ දරුවන්ගේ සුරක්ෂිතතාවය ඇතිවිමේ ප්‍රතිශතය.
  • සමාජ ගත කරන ලද දරුවන් නැවත නිවාසගත නොවි එම පවුල් තුලම රැදී සිටීමේ ප්‍රතිශතය

අපේ පරිපාලනය

විෂයභාර අමාත්‍යතුමා

විෂයභාර අමාත්‍යතුමා

 ගරු මැතිතුමා

නියෝජ්‍ය කොමසාරිස් (සමාජ සේවා)

නියෝජ්‍ය කොමසාරිස් (සමාජ සේවා)

ආලෝකා සමරදිවාකර

අමාත්‍යංශ ලේකම්

අමාත්‍යංශ ලේකම්

ජගත් අධිකාරි

නියෝජ්‍ය කොමසාරිස් (පරිවාස)

නියෝජ්‍ය කොමසාරිස් (පරිවාස)

එස්.එන්. ප්‍රියානි

කොමසාරිස්

කොමසාරිස්

ඩී. එම්. සී. සී. කේ. ගුණරත්න

සහකාර අධ්යක්ෂ (සැලසුම්)

සහකාර අධ්යක්ෂ (සැලසුම්)

රේණුකා නුගදණ්ඩගේ

ළමා අපචාර හෝ නොතකා හැරීම් වාර්තා කරන්න

ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරළව හැදින්විය හැකිය. යම්කිසි ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් පටිගත කළ සාක්ෂි ඇත්නම් වීඩියෝ පට හෝ ඡායාරූප ඇත්නම් වට්ස්ඇප් සහ වයිබර් හරහා (0773220032) පැමිණිලි අංකය සටහන් කර ලබාදීමටද හැකියාව ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය තුළින් ද වැඩි විස්තර දැනගත හැකිය.

ළමයින් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් හෝ යම්කිසි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකයට දැනුම් දිය හැකියි. එය සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම පැය 24 පුරාම ක‍්‍රියාත්මක සේවාවකි.

Image

කොමසාරිස් තුමියගේ පණිවිඩය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව පළාත් සභා ක්‍රමය ආරම්භවීමත් සමග මධ්‍යම පළාත තුළ මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් සේවය සැපයීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ස්ථාපිත කරන ලදී. 2012 පෙබරවාරි 15 වන දින සිට මධ්‍යම පළාත් සභාව විසින් මෙම දෙපාර්තමේන්තු දෙක උත්ශ්‍රේණිගත කිරීමට අදාලව මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වශයෙන් එක් දෙපාර්තමේන්තුවක් යටතට පත්විය.

මෙම දෙපාර්තමේන්තුවට පැවරුණ කාර්යයන් විධිමත්ව හා යාවත්කාලීනව පවත්වාගෙන යාමට 206 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිටී. විශේෂයෙන් සමාජයේ අවාසි සහගත තත්ත්වයන්ට පත්වූ හා පත්වීමට ඉඩ ඇති ජනතාව වෙනුවෙන් ජනතා හිතෛශී රාජ්‍ය සේවයක් ඇතිකිරීම මාගේ ඒකායන අරමුණ වේ. [වැඩිදුර කියවන්න]

Edit Page

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව