පරිවාස හා ළමාරක්ෂක සේවා

සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු පරිවාස හා ළමාරක්ෂක සේවා

පරිවාස හා ළමාරක්ෂක සේවා

පරිවාස සේවය හැදින්වීම

ශ්‍රී ලංකාවේ පරිවාස සේවය ආරම්භ වී ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ 1945 මාර්තු 12 වන දිනය. වැටුප් ලබන පරිවාස නිලධාරීන් 10 දෙනෙකු පත්කිරීමෙන් එය ආරම්භ කර ඇත. එහෙත් ඊට පෙර සිටම එනම් 1919 පසුව විටින් විට පරිවාස ක්‍රමය ශ්‍රී ලංකාවේ උසාවිවල ස්වේච්ඡා පරිවාස නිලධාරීන් හරහා ක්‍රියාත්මක වී තිබේ. 1944 අපරාධකරුවන් පරිවාස භාරයේ තැබීමේ පනත ප්‍රකාශයට පත්වූ අතර, ඒ අනුව 1950 වනවිට සියළු අධීක්ෂණ කලාප ආවරණය වන පරිදි පරිවාස නිලධාරීන් පත්කර පරිවාස ක්‍රමය ව්‍යාප්තකර ඇත. පරිවාස ක්‍රමය ව්‍යාප්තියත් සමග 1939 අංක 48 දරණ ළමයින් හා තරුණයින් පිළිබද පනත ක්‍රියාවට නැගී ඇත.  පරිවාස ක්‍රමය බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වීම නිසා කලකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර හා පරිවාස දෙපාර්තමේන්තුව ලෙසද හඳුන්වා තිබේ. මෙසේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ පරිවාස ක්‍රමය ඇතුලත් කරමින් 1956 ඔක්තෝබර් 01 වන දින පරිවාස හා ළමාරක්ෂක සේවා වශයෙන් මෙම දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කර ඇත. දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී පහත අරමුණු ඉටුකර ගැනීමට රජය අපේක්ෂා කර ඇත.

  • අපරාධ කරුවන් බන්ධනාගාරගතවීම සීමා කරමින් දඩුවම වෙනුවට පරිවාස ක්‍රමවේදය මගින් ඔවුන් පුනරුත්ථාපනය කොට යහපත් පුද්ගලයින් ලෙස නැවත සමාජයට අන්තර්ග්‍රහණය කිරීම.
  • අපචාරී ළමුන් හා යෞවනයින් පිළිබඳ  විශේෂිත සහනශීලී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම.
  • සේවා අවශ්‍ය ළමුන්ට / තරුණයින්ට සේවා සැලසීම
  • එවැන් ළමුන්ට හැකිතාක් තම පවුල සමග ජීවත්වීමට අවස්ථාව ලබාදීම හා ආරක්ෂාව සැලසීම.

පාලන බලතල පළාත් සභාවලට පැවරීමේන් පසුව දෙපාර්තමේන්තු  කාර්යභාරයන් පළාත් පරිවාස කොමසාරිස්වරුන් වෙත විමධ්‍යගත කර ඇත. ළමුන් මුහුණපාන නීතිමය ගැටළු සම්බන්ධයෙන් මෙන්ම ළමා අයිතීන් කඩවීම් සම්බන්ධව ළමුන්ට ආරක්ෂාව අවශ්‍ය ළමුන්ට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන්  ද,  අපයෝජනයටපත් ළමුන්ගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් ද සේවා මධ්‍යම පළාතේ පිහිටුවා ඇති පරිවාස කාර්යාල හරහා ලබාගත හැකිය. එම කාර්යාලවල පරිවාස නිලධාරීන් හමුවීමේන් හෝ ලිඛිතව දන්වා සිටීමෙන් එම සේවා ලබාගත හැකිය.

මීට අමතරව දේශීය වශයෙන් ළමුන් කුලවද්දාගැනීමට අපේක්ෂිත අයට ද  , එමෙන්ම ළමුන් ළමානිවාසගත කිරීමට අවශ්‍ය අයට ද , ළමා අයිතීන් සම්බන්ධයෙන් දැනුවත්වීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා සේවා පරිවාස කාර්යාලවලින් මෙන්ම මධ්‍යම පළාතේ පිහිටුවා ඇති සමාජ සුභසාධන   පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙන්  ලබාගත හැකි අතර , සහකාර කොමසාරිස් (පරිවාස)  +94812217402  දරණ දුරකතන අංකයට ඇමතීමේන් ද ලබාගත හැකිය.

.


1. කුලවැද්දීම (දරුවන් හදාවඩා ගැනීමට දීම)

  • මෙම දෙපාර්තමේන්තුව වෙත යොමු වන අනාථ හා අත්හල ළමුන්, හදාවඩා ගැනීමට අපේක්ෂිත ඉල්ලුම්කරුවන් වෙත ලබා දීම සිදු කෙරේ.
  • දේශීය ඉල්ලුම්කරුවන් නොමැති නම් පමණක් දරුවන් විදේශීය ඉල්ලුම්කරුවන් වෙත ලබා දීම සිදු කෙරේ.
  • දිස්ත්‍රික් අධිකරණයකින් ලබා දෙන කුලවැද්දුම් නියෝගයක් පමණක් ශ්‍රී ලංකාව තුල වලංගුවේ.

නීත්‍යානුකූල දරුකමට හදාවඩා ගැනීම (කුලවැද්ධීම )- දේශීය දෙමවුපියන් සඳහා

  • වයස අවුරුදු 25ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. ළමයා හා ඉල්ලුම් කරුවන් අතර වයස් පරතරය අවුරුදු 21 කට වැඩිවිය යුතුය. (ඥාති දරුවකු කුලවද්දාගැනීමේදී මෙය අදාල නොවේ)
  • මේ සඳහා ඉල්ලීම් පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත හෝ පදිංචි ප්‍ර‍දේශයේ පරිවාස කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැක. එම ඉදිරිපත්කිරීමෙන් පසුව යෝග්‍යතාව සොයාබැලීම සඳහා විමර්ශන කටයුතු පැවැත්වීම පරිවාස නිලධාරී විසින් සිදුකෙරේ. එම අවස්ථාවේදී තමාගේ උපන් දිනය,  විවාහය, රැකියාව , දේපල, සෞඛ්‍ය තත්ත්වය, පදිංචිය යන කරුණු සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි  පරිවාස නිලධාරී වෙත  ඉදිරිපත් කිරීමට සිදුවේ. විමර්ශන පදනම්කරගෙන නිර්දේශිත වාර්තා පළාත් කොමසාරිස්ගේ අනුමැතියට ඉදිරිපත් කෙරේ. ඉන්පසු ඉල්ලීම් පොරොත්තුලේඛනගත කෙරේ.
  • ඕනෑම කුලවැද්දා  ගැනීමකදී 1941 අංක 24 දරණ ළමුන් හදාවඩා ගැනීමේ ආඥාපන‍තේ  ප්‍රතිපාදනයන්ට යටත්ව දිසා අධිකරණයක නඩුවක් ගොණු කොට දිසා අධිකරණ නියෝග අනුව දෙනු ලබන කුලවැද්ධීම නියෝගයක් පමණක් වලංගු වේ..

නීත්‍යානුකූල දරුකමට හදාවඩා ගැනීම - විදේශීය දෙමවුපියන් සඳහා

                    මෙම කාර්යය සිදු කරනු ලබන්නේ මධ්‍යම රජයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින්ය.

 


 

2. අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට පත් ළමයින් සඳහා සේවා

අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට පත් ළමයින්ට ආරක්ෂාව හා රැකවරණය සලසාදීමේ අදහසින් මෙම දෙපාර්තමේන්තුවේ අධික්ෂණය සහ  ආධාර ඇතිව  ස්වේච්ඡා සංවිධාන මගින්  ළමා නිවාස පවත්වාගෙන යනු ලැබේ. නේවාසික ළමයින් සඳහා  මාසිකව නඩත්තු ආධාර සහ වාර්ෂිකව ගොඩනැගිලි සහ උපකරණ  ආධාර දෙපාර්තමේන්තුව මගින් ගෙවනු ලැබේ. මධ්‍යම පළාතේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වූ ළමා නිවාස 35 ක් තිබේ..


 

3. ළමා සුභ සාධන සේවයේ යෙදී සිටින ස්වේච්ඡා සංවිධාන සහ ආයතන සම්බන්ධ කටයුතු

  • ළමා සුභ සාධන සේවයේ යෙදී සිටින ස්වේච්ඡා සංවිධාන සහ ආයතන විමර්ශනය,
  • අධීක්ෂණය හා ආධාර සැපයීම.
  • දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම
  • පරිවාස නිලධාරින් මගින් අධීක්ෂණය කරනු ලැබේ. මේ සෑම ළමා නිවාසයක් සඳහාම අධීක්ෂණ පරිවාස නිලධාරියකු පත්කොට තිබේ.මෙම ළමා නිවාස සඳහා අවශ්‍යතා අනුව යථායෝග්‍යාධාර යටතේ මූල්‍යධාර ලබාදීම හා නේවාසික දරුවන් සඳහා නඩත්තු ආධාර ගෙවීම සිදු වේ.

 


 

4. උපදේශන සේවය ලබාදීම

උපදේශනය අවශ්‍ය ළමුන් සහ වැඩිහිටියන්  සඳහා සේවා සැපයීමට සෑම පරිවාස  කාර්යාලයකටම අනුයුක්ත උපදේශන නිලධාරීන් සේවයේ යෙදී සිටී. මෙහිදී අපයෝජනයට පත් ළමුන් සඳහා මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීම සිදු කෙරේ


5. රැදවුම්නිවාසයක් පවත්වාගෙන යෑම

ළමයින් ළමා උසාවි වෙත ඉදිරිපත් කරන තෙක් හෝ එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව උසාවි තීරණ ගන්නා තෙක් හෝ ඔවුන් රදවා‍ගන්නා නිවාස රැදවුම් නිවාස ලෙස හදුන්වයි. එක් එක් ළමයා සදහා ඉතාම සුදුසු පුනරුත්ථාපන වැඩපිළිවෙල ගැන තීරණයක් ගැනීම පහසුවන අන්දමට මෙහිදී ළමයින්ගේ හැසිරීම් හා ක්‍රියාකාරීත්වය පිළිබඳව නිරීක්ෂණය කොට පරිවාස නිලධාරීන් වෙත වාර්තා ලබදේ. දැනට මධ්‍යම පලාත තුළ පිරිමි ළමයින් සදහා වේරවලවත්ත රැදවුම් නිවාසය පවත්වාගෙන යනු ලබන අතර ගැහැණු ළමුන් සදහා ද එම ස්ථානයේ රැදවුම් නිවාසයක් ඉදිකරමින් පවතී.


6. රජයේභාරගැනීමේළමානිවාස පවත්වාගෙන යෑම

ටික කාලයකට හෝ දිගටම ගෙදර වාසය කිරීමේ වාසනාව අහිමිවූ ළමයින් භාරගෙන ආරක්ෂාව සලසන්න දෙපාර්තමේන්තුවේම පාලනය යටතේ එක් ළමා නිවාසයක් පවත්වාගෙන යනු ලබන අතර, එය මහනුවර දිස්ත්‍රික්කයේ උඩපේරාදෙණිය ටිකිරිසෙවන නමින් පවත්වාගෙන යනු ලැබේ. රෝහල්වල හෝ අතරමග ‍හෝ අත්හැරදමා ගිය ළමයින් හා නොයෙකුත් ආපදාවන්ට පත්වූ දෙමව්පියන්ගේ ළමයින්ද මෙම නිවාසයට ඇතුළත් කරගනු ලැබේ. මෙම ළමයින්ට ඔවුන්ගේ දෙමාපියන් සොයා ඔවුන්ට නැවත භාරදීමට සෑම උත්සාහයක්ම දරයි. එසේ කිරීමට නොහැකි නම් එම ළමයින් දරුකමට හදාවඩා ගැනීමට දීම හෝ එසේ  නොහැකිවන අවස්ථාවල  ස්වේච්ඡා ළමා නිවාසවලට ඇතුළත් කරනු ලැබේ.  නිසි වයසට  පත්වූ පසු සමාජගත කරණු ලැබේ..


7. ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම

ජාත්‍යන්තර ළමා ප්‍රඥප්තියට අනුව ළමුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දරුවන් හා වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව සේවා සපයනු ලබයි. සෑම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයකටම ළමා අයිතිවාසිකම් පිළිබඳ මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇත. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙකු සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කාර්යය සඳහා යොදවා ඇත. මෙම නිලධාරීන් සමග පළාතේ පරිවාස කාර්යාලවල සේවය කරන පරිවාස නිලධාරීන් ඒකාබද්ධ ප්‍රෙවේශයකින්  කටයුතු සිදුකෙරේ.  ළමා අයිතිවාසිකම් උල්ලන්ගනයවීමක් පිළිබඳ  යම් අයෙකුට මෙම නිලධාරීන් වෙත වාර්තා කිරීමට පුළුවන.

මීට  අමතරව පහත සඳහන් සේවාවන් ද  අපගෙන් ඉටු කෙරේ

  • දෙපාර්තමේන්තුවට යොමුකරනු ලබන වැඩිහිටි, තරුණ සහ බාල වරදකරුවන්ගේ චරිත හැඩගස්වා පුනරුත්ථාපනය කිරීම.
  • දණ්ඩ නීති සංග්‍රහය අනුව අපරාධයක් වශයෙන් සැලකෙන දෙයක් නොකලත් දෙමව්පියන්ට අවනත නොවන, පාසැලෙන් කට්ටි පනින, මුරණ්ඩු, සමාජ විරෝධී වැඩ කරන ළමයින් යහ මගට ගැනීම.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම හා ළමා අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
  • රේඛීය අමාත්‍යාංශයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධිකරණය

 

ඔබට දරුවකු විෂයෙහි පහත සඳහන් යම් ගැටළුවක් වේ නම් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඒ සඳහා විසදුම් සැපයීමේ මෙහෙවරක යෙදී සිටියි. එම රාජකාරී කටයුතු සඳහා පරිවාස නිලධාරීන් සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ සේවය ලබාදී තිබේ. 

 

මොනයම් හෝ තැනක දරුවකු

  1. නීතිමය වශයෙන් ළමා අයිතීන් කඩවන තත්ත්වයකට පත්ව ඇත්නම්
  2. දරුවකු ළමා අපයෝජන හා අපචාර තත්ත්වයන්ට ගොදුරුවී ඇත්නම්
  3. දරුවකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම්
  4. දරුවකු ලිංගික අපයෝජනයකට හෝ වෙනත් අකටයුත්තකට ගොදුරුව පුනරුත්ථාපනය සඳහා යොමුකල යුතුනම්
  5. දරුවකුගේ සෞඛ්‍ය හා වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ඇත්නම්
  6. දරුවාගේ අයිතිය සඳහා ඇති අයිතිය සුරක්ෂිත කලයුතුව ඇත්නම්
  7. යම් දරුවකු හදිසි විපත්වලට මුහුණ දී ඇත්නම් හා යම් ආධාර ක්‍රමයක අවශ්‍යතාවය ඇත්නම්
  8. ඉහත විෂයයන් පිළිබඳව ඔබට යම්කිසි දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔබේ  ප්‍රදේශවාසීන්  වෙනුවෙන් සංවිධානය කරගත යුතුව ඇත්නම්
  9. අපගේ සේවාව පිළිබඳව ඕනෑම ගැටළුවක් වේ නම්

මුණගැහෙන්න, කථාකරන්න, එන්න ඔබේ පරිවාස කාර්යාලයට , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව  වෙතට

 

Related Articles

ආබාධිතයන් සඳහා සේවා

වැඩිහිටියන් සඳහා සේවා

ළමා නිවාස

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව