කොමසාරිස් තුමියගේ පණිවිඩය

ශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු කොමසාරිස් තුමියගේ පණිවිඩය

කොමසාරිස් තුමියගේ පණිවිඩය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව පළාත් සභා ක්‍රමය ආරම්භවීමත් සමග මධ්‍යම පළාත තුළ මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් සේවය සැපයීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ස්ථාපිත කරන ලදී. 2012 පෙබරවාරි 15 වන දින සිට මධ්‍යම පළාත් සභාව විසින් මෙම දෙපාර්තමේන්තු දෙක උත්ශ්‍රේණිගත කිරීමට අදාලව මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වශයෙන් එක් දෙපාර්තමේන්තුවක් යටතට පත්විය.

මෙම දෙපාර්තමේන්තුවට පැවරුණ කාර්යයන් විධිමත්ව හා යාවත්කාලීනව පවත්වාගෙන යාමට 206 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිටී. විශේෂයෙන් සමාජයේ අවාසි සහගත තත්ත්වයන්ට පත්වූ හා පත්වීමට ඉඩ ඇති ජනතාව වෙනුවෙන් ජනතා හිතෛශී රාජ්‍ය සේවයක් ඇතිකිරීම මාගේ ඒකායන අරමුණ වේ. මේ ස‍‍ඳහා ඉදිරියේ දී තොරතුරු තාක්ෂණය භාවිත කරමින් අපගේ සේවාවන් ජනතාව අතරට ගෙනයාමට කටයුතු කරමි. මෙහි ආරම්භය ලෙස වෙබ් අඩවියක් නිර්මාණය කිරීමත්, "ඉ -ශ්‍රී ලංකා” වැඩසටහනට අනුගතවෙමින් නවීන තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්‍රමවේදයක් යටතේ දෙපාර්තමේන්තු කාර්යභාර්යය ඉදිරියට ගෙනයාමටත් කටයුතු කරමින් පවතී.

මෙම කාර්යයන් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පළාතේ ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මැතිතුමන් ඇතුලු දේශපාලන අධිකාරියෙන් හා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුලු නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් ලැබෙන මග පෙන්වීම් හා දායකත්වය මා ඉතා අගයකොට සලකමි..


ඩී. එම්. සී. සී. කේ. ගුණරත්නකොමසාරිස්
ඩී. එම්. සී. සී. කේ. ගුණරත්න

Related Articles

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව