මහජන ආධාර

මහජනාධාර

ආධාර ලැබීමට හිමිකම් ඇත්තේ: මධ්‍යම පළාත තුළ පදිංචි

  • දරුවන්ගෙන් හෝ ඥාතීන්ගෙන් කිසිදු හව්හරණක් නොමැති මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු වැඩිහිටි අයට
  • හදිසියේ ස්වාමියා මිය යාම නිසා දරුවන් සමග අනාථ වූ මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු වැන්දඹු කාන්තාවන්ට
  • ස්වාමිපුරුෂයා අතහැරයාම නිසා  දරුවන් සමග අනාථ වූ මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු වැන්දඹු කාන්තාවන්ට
  • ආබාධිත තත්වයට පත්වූ  මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු පුද්ගලයන්ට


ආධාර ලබ‍ාගැනීම සඳහා අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී සහතිකය සමග

පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් වෙත ලබාදීම කල යුතුය. ඉන් පසු පළාත් සමාජසේවා නිලධාරිගේ නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලැබීමේන් පසු  ආසන්නතම තැපැල් කාර්යාලයෙන් මාසිකව එම මුදල ලබාගතහැකි වේ.

ලබාගත හැකි මුදල

අවමය  රුපියල් 250.00  සිට උපරිමය රුපියල් 500.00  දක්වා මුදලකි. මෙම මුදල තීරණය වන්නේ පවුලේ යැපෙන්නන් සංඛ්‍යාව අනුවය.

 


 

රෝගාධාර

ආධාර ලැබීමට හිමිකම් ඇත්තේ : මධ්‍යම පළාත තුළ පදිංචි පහත සඳහන් රෝගවලට ගොදුරු වු මාසික ආදායම රුපියල් 3000.00ට අඩු පුද්ගලයන් ස‍ඳහාය.

  • ක්ෂයරෝගය
  • ලාදුරු
  • පිළිකා
  • තැලසීමියා
  • වකුගඩු

ආධාර ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • රෝගියකු බව සනාථ කරමින් ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලබාදුන් වෛද්‍ය වාර්ථාව
  • වකුගඩු රෝගය සහ තැලසීමියා රෝගයෙන් පෙළෙන්නන් සඳහා සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙන් රෝහල්වලට නිකුත්කර ඇති විශේෂ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කල යුතුය.
  • ග්‍රාමනිලධාරී සහතිකය

පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරී වෙත ලබාදීම කල යුතුය.  ඉන් පසු ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලැබීමේන් පසු  රෝගය සුවවන තෙක් මෙම ආධාර මුදල තමා පදිංචි ගමේ තැපැල් කාර්යාලයෙන් මාසිකව ලබාගතහැකි වේ.

ලබාගතහැකි මුදල

            අවමය  රුපියල් 450.00  සිට උපරිමය රුපියල් 700.00  දක්වා මුදලකි. මෙම මුදල තීරණය වන්නේ පවුලේ යැපෙන්නන් සංඛ්‍යාව අනුවය.

 


 

පුනරුත්ථාපන ආධාර

 ආධාර ලැබීමට හිමිකම් ඇත්තේ:  මධ්‍යම පළාත තුළ පදිංචි මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු

  • මහජන අධාර ලාභීන් හට
  • ආබාධිත තත්වයට පත්වූ  පුද්ගලයන්ට

ආධාර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී සහතිකය
  • ස්වයංරැකියාවට අදාල දළ ඇස්තමේන්තුව සමග

පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරී වෙත ලබාදීම කල යුතුය. ඉන් පසු පළාත් සමාජසේවා නිලධාරිගේ නිර්දේශය,  ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිතව මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබීමේන් පසු  කොමසාරිස්ගේ අනුමැතියෙන් පසු  ඒ සඳහා අදාල මුදල් ප්‍රාදේශීය ලේකම් වෙත නිදහස් කෙරේ.

ලබාගතහැකි මුදල : උපරිමය රුපියල් 10,000.00  කි.

 


 

ආබාධිත අය සඳහා ආධාර උපකරණ

  • රෝද පුටු
  • අත්වාරු
  • කිහිළිකරු
  • ත්‍රෛසිකල්
  • කෘත්‍රීම පාද
  • කෘත්‍රීම අත්
  • කැලිපස් සපත්තු
  • ඇවිදීමේ රාමු
  • ශ්‍රවණ ආධාර උපකරණ
  • සුදු සැරයටි
  • අක්ෂි කාච
  • ඇස් කණ්නාඩි
  • වෙනත් විශේෂ උපකරණ

උපකරණ ලබාදෙන්නේ

  • උපතින් හෝ පසුකාලීනව ආබාධිත තත්වයට පත්වූ
  • මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු මධ්‍යම පළාතේ පදිංචි අයට

උපකරණ ලබාගැනීම සඳහා  අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී සහතිකය

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සායනයකින්  ලබාගත් වෛද්‍ය වාර්තාවක්  (ඇස් කණ්නාඩි, අක්ෂි කාච, ශ්‍රවණ ආධාර උපකරණ සඳහා අත්‍යවශ්‍ය වේ)

ඉහත ලිපිලේඛන පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරී වෙත ඉදිරිපත්කොට ඔහුගේ /ඇයගේ නිර්දේශය මත  ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමත කරන ලද වාර්තාව සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබීමෙන් පසු පළාත් කොමසාරිස්ගේ අනුමැතියට යටත්ව අදාල උපකරණය ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලය වෙත නිකුත්කරනු ලැබේ.

 


 

වෙනත්  ආධාර

නඩත්තු ආධාර

මධ්‍යම පළාත තුළ පිහිටා ඇති, දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වැඩිහිටි නිවාස, ආබාධිත ළමා නිවාසවල හා ළමා නිවාසවල නේවාසිකයන් වෙනුවෙන් ඔවුන්ගේ දෛනික ආහාරපාන ස‍ඳහා මාසිකව දෙන ආධාර මුදලකි.

යථායෝග්‍යාධාර ලබාදීම

මධ්‍යම පළාත තුළ පිහිටා ඇති , දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වැඩිහිටි නිවාස , ආබාධිත ළමා නිවාසවල හා ළමා නිවාසවල අත්‍යායශ්‍ය අලුත්වැඩියා කටයුතු, උපකරණ මිලදීගැනීම් වෙනුවෙන්  මෙම ආධාර මුදල ගෙවනු ලැබේ. මෙහිදී අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අදාල ඇස්තමේන්තුගත මුදලින්  සියයට 50 ක් ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 50 අදාල පාලක මන්ඩලය මගින් දැරිය යුතු වේ. එසේ පාලක මණ්ඩලයට එම සියයට 50 දැරීමේ හැකියාවක් නොමැති අවස්ථාවල අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය යටතේ අදාල මුළු ඇස්තමේන්තු මුදලම ගෙවීමට හැකි වේ. එසේම උපකරණ මිලදීගැනීමේ දී ගෙවිය හැකි උපරිම මුදල වන්නේ රු. 75,000.00ක මුදලකි.

Related Articles

ආබාධිතයන් සඳහා සේවා

වැඩිහිටියන් සඳහා සේවා

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව