ළමා නිවාස

සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු ළමා නිවාස

දුරකථන නාමාවලිය

කොමසාරිස් +94 812 217128
සහකාර කොමසාරිස් (සමාජසේවා) +94 812 217403
සහකාර කොමසාරිස් (පරිවාස) +94 812 217402
සැලසුම් අංශය +94 812 217129
ගිණුම් අංශය +94 812 217401

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල

සමාජසේවා නිලධාරී/ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී

 

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

දුරකතන අංක

සමාජ සේවා කාර්යාලය

අකුරණ

+94 812 300504

ඒ.එම්.එම්.රිෂාම් මයා

උඩපළාත

+94 812 352236

එස්.එදිරිසිංහ මයා

උඩදුම්බර

+94 602 809056

ශ්‍යාමලී බාලසූරිය මිය

උඩුනුවර

+94 812 315436

ඒ.ඩබ්.පී.ජයලත් මිය

කුණ්ඩසාලේ

+94 812 374444

කමල් කල්තොටආරච්චි මයා

ගඟඉහළ කෝරළය

+94 812 352604

එම්.ආර්.පී.වික්‍රමසිංහ මයා

තුම්පනේ

+94 812 461234

සමන්ති හේනේගම මිය

පස්බාගේ කෝරළය

+94 542 222238

චන්ද්‍රානී හේරත් මිය

පන්විල

+94 812 472236

ඒ.බී.වරකාගොඩ මයා

පාතහේවාහැට

+94 812 404385

සජීවා හිටිගල මිය

පාතදුම්බර

+94 812 476236

අනෝජා හේරත් මිය

පූජාපිටිය

+94 812 300502

එස්.එම්.ආර්.බී.සමරතුංග මයා

ගඟවටකෝරළය

+94 812 225133

රුවිනි රාජපක්ෂ මිය

මිණිපේ

+94 552 257693

විජයන්ති ප්‍රියදර්ශනී මිය

මැදදුම්බර

+94 812 374077

එච්.ජී.නාමලී මිය

යටිනුවර

+94 812 575236

පී.රත්නායක මිය

හාරිස්පත්තුව

+94 812 491996

නිල්මිණී කරුණාරත්න මිය

දෙල්තොට

+94 812 467025

මනෝජ් කීර්තිසිංහ මයා

දොලුව

+94 812 354519

නාලක විජේරත්න මයා

හතරලියද්ද

+94 812 464288

නිමල් රාජපක්ෂ මයා

අඹන්ගග කෝරළය

+94 662 255365

සිරිල් විමලරත්න මයා

උකුවෙල

+94 662 244208

ප්‍රියංගනී මකුලොලුව මිය

ගලේවෙල

+94 662 289308

නර්මදා අභයරත්න මිය

නාඋල

+94 662 216098

ජී.ඹ්. ඒකනායක මයා

දඹුල්ල

+94 662 284738

නිමාලි ජයවර්ධන මිය

පල්ලේපොල

+94 662 247223

අයි.ජී.චන්ද්‍රාවතී මිය

මාතලේ

+94 662 222733

ඩී.අයි.සේනානායක මිය

යටවත්ත

+94 662 221688

කාන්ති වීරසිංහ මිය

රත්තොට

+94 662 220578

රංජිත් සිල්වා මයා

ලග්ගල පල්ලේගම

+94 662 275038

සන්ධ්‍යා වනසිංහ මිය

විල්ගමුව

+94 662 250039

එච්.එම්.කුඩාමැණිකේ මිය

අඹගමුව කෝරළය

+94 512 242213

නාලිකා කුලුගම්මන මිය

හගුරන්කෙත

+94 812 369929

පී.එල්.ඒ.ස්වර්ණලතා මිය

කොත්මලේ

+94 602 537380

චන්ද්‍රරත්න හේරත් මයා

නුවරඑළිය

+94 522 222237

ආර්.ඩී.කුමාරදාස මයා

වලපනේ

+94 602 530284

කේ.ජී.සෝමදාස මයා

 

 

 

 

 

 

ආබාධිතයන් සඳහා සේවා

disabled peopleසමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ආබාධිත පුද්ගලයන් සම්පූර්ණයෙන්ම සමාජගත වීමට සහ ජන ජීවිතයෙහි සහභාගී වීම සඳහා සහය දක්වයි. පහත සඳහන් කරුණු අපගේ සේවාවන් යතතේ ආවරණය වේ.

  • සේවාවන්
  • ආබාධිත ළමා නිවාස
  • අනුමත කර ඇති ආධාර පිළිබඳ නාමලේඛන
  • ආබාධිත පුද්ගලයන් පිළිබ‍ඳ තොරතුරු  

 


 

ලබාදන සේවාවන්

  1. යටිතල පහසුකම්, ප්‍රවේශ පහසුකම්, වැසිකිළි පහසුකම් , ජල පහසුකම් ආදිය සඳහා මූල්‍යාධාර ලබාදීම   (අඩු ආදායම් ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා )
  2. ස්වයංරැකියා ආධාර ලබාදීම    (අඩු ආදායම් ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා )
  3. ස්වයංරැකියා සඳහා පුහුණු ලබාදීම
  4. ආධාර උපකරණ ලබාදීම   (අඩු ආදායම් ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා )
    • රෝද පුටු
    • අත්වාරු
    • කිහිළිකරු
    • ත්‍රෛසිකල්
    • කොමඩ් පුටු
    • කෘත්‍රීමපාද /කෘත්‍රීම අත්
    • ඇවිදීමේ රාමු
    • ශ්‍රවණ ආධාර උපකරණ
    • සුදුසැරයටි
    • අක්ෂි කාච
    • ඇස්කණ්නාඩි
    • වෙනත් විශේෂිත උපකරණ
  5. ජාත්‍යන්තර ආබාධිත දිනය සැමරීම
  6. ආබාධිත පුද්ගල සමූපකාර සමිතිය ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම
  7. උපදේශන සේවා සැපයීම
  8. ආබාධිත මහලේකම් කාර්යාලය හා සම්බන්ධව සේවාවන් ක්‍රියාත්මක  කිරීම

 


 

බාධිත ළමා නිවාස / නේවාසිකාගාර

නම

ලිපිනය

දුරකතන අංක

දිස්ත්‍රික්කය

ධාරිතාව

සහන නේවාසිකාගාරය

සමාධි මාවත, අම්පිටිය, ශ්‍රී ලංකාව

+94 814 940892

මහනුවර

30

නවෝදය විශේෂ අධ්‍යාපන නේවාසික පිරිමි පාසල

109/1, ධර්මාශෝක මාවත, ලේවැල්ල, මහනුවර, ශ්‍රී ලංකාව

+94 812 240844

මහනුවර

30

සෙංකඩගල අඳ/ බිහිරි පාසැල

ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවත, දොඩම්වල, මහනුවර, ශ්‍රී ලංකාව

+94 812 216119
ෆැක්ස්: +94 812 234073

මහනුවර

110

සහන ගොලු / බිහිරි පාසැල

කොස්වාන, කයිකාවල, ශ්‍රී ලංකාව

+94 662 220864

මාතලේ

65

 


 

ආධාර ඉල්ලූ පුද්ගලයන් පිළිබඳ විස්තර

නම

ලිපිනය

Divisional Secretariat

ආධාරය

අනුමැතිය ලබාදී ඇත

ප්‍රාදේශීය ලේකම් වෙත නිකුත්කර ඇත

 

 

 

 

 

 

වැඩිහිටියන් සඳහා සේවා

Eldersශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් අපගේ ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා විවිධ සේවාවන් ලබා දෙනු ලැබේ.

  1. වැඩිහිටි නිවාස ඉදිකිරීම හා අඵත්වැඩියා කිරීම
  2. ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම
  3. වැඩිහිටි නිවාස අධීක්ෂණය කිරීම
  4. වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම.
  5. කාලීනව පැනනගින සමාජ ගැටඵ අවමකිරීම සඳහා දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  6. වැඩිහිටි මහලේකම් කාර්යාලය හා සම්බන්ධව සේවාවන් ක්‍රියාත්මක කිරීම.

 

 


 

දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වැඩිහිටි නිවාස

 

වැඩිහිටි නිවාසයේ නම

ලිපිනය

දුරකතන අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ධාරිතාව

 

මහනුවර දිස්ත්‍රික්කය

1

නිකකැටිය වැඩිහිටි නිවාසය

නිකකැටිය, මැණික්හින්න, මහනුවර, ශ්‍රී ලංකාව

+94 812 376219

කුණ්ඩසාලේ

28

2

පිහිඹියහේන වැඩිහිටි නිවාසය

මෙගොඩ කලුගමුව, පේරාදෙණිය, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 813 801903

දොලුව

25

3

බෝපිටිය වැඩිහිටි නිවාසය

බෝපිටිය, මාරස්සන, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 724 533983

පාතහේවාහැට

20

4

ෂැම්රොක් වැඩිහිටි නිවාසය

ෂැම්රොක්, නාවලපිටිය, ශ්‍රී ලංකාව

+94 543 540656

පස්බාගේ කෝරළය

20

5

කොටිකාම්බ වැඩිහිටි නිවාසය

කොටිකාම්බ, හතරලියද්ද, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 375 786613

හතරලියද්ද

35

6

ගොඩහේන වැඩිහිටි නිවාසය

ගොඩහේන, දොලපිහිල්ල, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 814 910009

පූජාපිටිය

25

7

ගුරුලුපොත වැඩිහිටි නිවාසය

18 වංගුව, උඩුදහ, හසලක, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 554 915441

මිණිපේ

10

8

උඩුනුවර වැඩිහිටි නිවාසයElders' Home

නව ඇල්පිටිය, ගෙලිඔය, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 815 685958

උඩුනුවර

45

9

මුල්ගම්පොල වැඩිහිටි නිවාසය

පේරාදෙණිය පාර, මුල්ගම්පොල, මහනුවර, ශ්‍රී ලංකාව

+94 812 225100

ගගවට කෝරළය

91

10

අම්පිටිය වැඩිහිටි නිවාසය

මැද්දේපතන, අම්පිටිය‚ ශ්‍රී ලංකාව

+94 812 203482

ගගවට කෝරළය

20

11

මාවිල්මඩ සරණ සෙවන වැඩිහිටි නිවාසය

365, අලුත්ගංතොට පාර, මාවිල්මඩ, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 812 237737
+94 812 222870

ගගවට කෝරළය

49

12

මහයියාව වැඩිහිටි නිවාසය

මහයියාව, මහනුවර,  ශ්‍රී ලංකාව

+94 812 221060

ගගවට කෝරළය

53

මාතලේ  දිස්ත්‍රික්කය

13

ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය

මාතලේ වත්ත, දුම්කොල වත්ත, මාතලේ, ශ්‍රී ලංකාව

+94 662 221367

මාතලේ

34

14

එල්.වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසය

දිඹුල්ගමුව, මඩවල, උල්පත, ශ්‍රී ලංකාව

+94 662 247786

පල්ලේපොල

21

15

රංගිරි දඹුලු වැඩිහිටි නිවාසය

කුරුණෑගල පාර, දඹුල්ල, ශ්‍රී ලංකාව

+94 662 283017

දඹුල්ල

37

නුවරඑළිය  දිස්ත්‍රික්කය

16

චන්ද්‍රා විජේරත්න වැඩිහිටි නිවාසය

ඇඩිට්, විදුලිපුර, ශ්‍රී ලංකාව

+94 513 515155

අඹගමුව කෝරළය

11

17

හැටන් වීර වැඩිහිටි නිවාසය

දුඹුරුගිරි පාර, හැටන්, ශ්‍රී ලංකාව

+94 512 222781

අඹගමුව කෝරළය

10

 


වැඩිහිටියන්  නිවාසගතකිරීම් පිළිබ‍ඳ තොරතුරු

නම

ලිපිනය

යොමුකළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ඇතුලත්කළ වැඩිහිටි නිවාස‍යේ නම හා ලිපිනය

ඇතුලත්කළ දිනය

 

 

 

 

 

පරිවාස හා ළමාරක්ෂක සේවා

පරිවාස සේවය හැදින්වීම

ශ්‍රී ලංකාවේ පරිවාස සේවය ආරම්භ වී ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ 1945 මාර්තු 12 වන දිනය. වැටුප් ලබන පරිවාස නිලධාරීන් 10 දෙනෙකු පත්කිරීමෙන් එය ආරම්භ කර ඇත. එහෙත් ඊට පෙර සිටම එනම් 1919 පසුව විටින් විට පරිවාස ක්‍රමය ශ්‍රී ලංකාවේ උසාවිවල ස්වේච්ඡා පරිවාස නිලධාරීන් හරහා ක්‍රියාත්මක වී තිබේ. 1944 අපරාධකරුවන් පරිවාස භාරයේ තැබීමේ පනත ප්‍රකාශයට පත්වූ අතර, ඒ අනුව 1950 වනවිට සියළු අධීක්ෂණ කලාප ආවරණය වන පරිදි පරිවාස නිලධාරීන් පත්කර පරිවාස ක්‍රමය ව්‍යාප්තකර ඇත. පරිවාස ක්‍රමය ව්‍යාප්තියත් සමග 1939 අංක 48 දරණ ළමයින් හා තරුණයින් පිළිබද පනත ක්‍රියාවට නැගී ඇත.  පරිවාස ක්‍රමය බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වීම නිසා කලකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර හා පරිවාස දෙපාර්තමේන්තුව ලෙසද හඳුන්වා තිබේ. මෙසේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ පරිවාස ක්‍රමය ඇතුලත් කරමින් 1956 ඔක්තෝබර් 01 වන දින පරිවාස හා ළමාරක්ෂක සේවා වශයෙන් මෙම දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කර ඇත. දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී පහත අරමුණු ඉටුකර ගැනීමට රජය අපේක්ෂා කර ඇත.

  • අපරාධ කරුවන් බන්ධනාගාරගතවීම සීමා කරමින් දඩුවම වෙනුවට පරිවාස ක්‍රමවේදය මගින් ඔවුන් පුනරුත්ථාපනය කොට යහපත් පුද්ගලයින් ලෙස නැවත සමාජයට අන්තර්ග්‍රහණය කිරීම.
  • අපචාරී ළමුන් හා යෞවනයින් පිළිබඳ  විශේෂිත සහනශීලී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම.
  • සේවා අවශ්‍ය ළමුන්ට / තරුණයින්ට සේවා සැලසීම
  • එවැන් ළමුන්ට හැකිතාක් තම පවුල සමග ජීවත්වීමට අවස්ථාව ලබාදීම හා ආරක්ෂාව සැලසීම.

පාලන බලතල පළාත් සභාවලට පැවරීමේන් පසුව දෙපාර්තමේන්තු  කාර්යභාරයන් පළාත් පරිවාස කොමසාරිස්වරුන් වෙත විමධ්‍යගත කර ඇත. ළමුන් මුහුණපාන නීතිමය ගැටළු සම්බන්ධයෙන් මෙන්ම ළමා අයිතීන් කඩවීම් සම්බන්ධව ළමුන්ට ආරක්ෂාව අවශ්‍ය ළමුන්ට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන්  ද,  අපයෝජනයටපත් ළමුන්ගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් ද සේවා මධ්‍යම පළාතේ පිහිටුවා ඇති පරිවාස කාර්යාල හරහා ලබාගත හැකිය. එම කාර්යාලවල පරිවාස නිලධාරීන් හමුවීමේන් හෝ ලිඛිතව දන්වා සිටීමෙන් එම සේවා ලබාගත හැකිය.

මීට අමතරව දේශීය වශයෙන් ළමුන් කුලවද්දාගැනීමට අපේක්ෂිත අයට ද  , එමෙන්ම ළමුන් ළමානිවාසගත කිරීමට අවශ්‍ය අයට ද , ළමා අයිතීන් සම්බන්ධයෙන් දැනුවත්වීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා සේවා පරිවාස කාර්යාලවලින් මෙන්ම මධ්‍යම පළාතේ පිහිටුවා ඇති සමාජ සුභසාධන   පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙන්  ලබාගත හැකි අතර , සහකාර කොමසාරිස් (පරිවාස)  +94812217402  දරණ දුරකතන අංකයට ඇමතීමේන් ද ලබාගත හැකිය.

.


1. කුලවැද්දීම (දරුවන් හදාවඩා ගැනීමට දීම)

  • මෙම දෙපාර්තමේන්තුව වෙත යොමු වන අනාථ හා අත්හල ළමුන්, හදාවඩා ගැනීමට අපේක්ෂිත ඉල්ලුම්කරුවන් වෙත ලබා දීම සිදු කෙරේ.
  • දේශීය ඉල්ලුම්කරුවන් නොමැති නම් පමණක් දරුවන් විදේශීය ඉල්ලුම්කරුවන් වෙත ලබා දීම සිදු කෙරේ.
  • දිස්ත්‍රික් අධිකරණයකින් ලබා දෙන කුලවැද්දුම් නියෝගයක් පමණක් ශ්‍රී ලංකාව තුල වලංගුවේ.

නීත්‍යානුකූල දරුකමට හදාවඩා ගැනීම (කුලවැද්ධීම )- දේශීය දෙමවුපියන් සඳහා

  • වයස අවුරුදු 25ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. ළමයා හා ඉල්ලුම් කරුවන් අතර වයස් පරතරය අවුරුදු 21 කට වැඩිවිය යුතුය. (ඥාති දරුවකු කුලවද්දාගැනීමේදී මෙය අදාල නොවේ)
  • මේ සඳහා ඉල්ලීම් පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත හෝ පදිංචි ප්‍ර‍දේශයේ පරිවාස කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැක. එම ඉදිරිපත්කිරීමෙන් පසුව යෝග්‍යතාව සොයාබැලීම සඳහා විමර්ශන කටයුතු පැවැත්වීම පරිවාස නිලධාරී විසින් සිදුකෙරේ. එම අවස්ථාවේදී තමාගේ උපන් දිනය,  විවාහය, රැකියාව , දේපල, සෞඛ්‍ය තත්ත්වය, පදිංචිය යන කරුණු සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි  පරිවාස නිලධාරී වෙත  ඉදිරිපත් කිරීමට සිදුවේ. විමර්ශන පදනම්කරගෙන නිර්දේශිත වාර්තා පළාත් කොමසාරිස්ගේ අනුමැතියට ඉදිරිපත් කෙරේ. ඉන්පසු ඉල්ලීම් පොරොත්තුලේඛනගත කෙරේ.
  • ඕනෑම කුලවැද්දා  ගැනීමකදී 1941 අංක 24 දරණ ළමුන් හදාවඩා ගැනීමේ ආඥාපන‍තේ  ප්‍රතිපාදනයන්ට යටත්ව දිසා අධිකරණයක නඩුවක් ගොණු කොට දිසා අධිකරණ නියෝග අනුව දෙනු ලබන කුලවැද්ධීම නියෝගයක් පමණක් වලංගු වේ..

නීත්‍යානුකූල දරුකමට හදාවඩා ගැනීම - විදේශීය දෙමවුපියන් සඳහා

                    මෙම කාර්යය සිදු කරනු ලබන්නේ මධ්‍යම රජයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින්ය.

 


 

2. අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට පත් ළමයින් සඳහා සේවා

අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට පත් ළමයින්ට ආරක්ෂාව හා රැකවරණය සලසාදීමේ අදහසින් මෙම දෙපාර්තමේන්තුවේ අධික්ෂණය සහ  ආධාර ඇතිව  ස්වේච්ඡා සංවිධාන මගින්  ළමා නිවාස පවත්වාගෙන යනු ලැබේ. නේවාසික ළමයින් සඳහා  මාසිකව නඩත්තු ආධාර සහ වාර්ෂිකව ගොඩනැගිලි සහ උපකරණ  ආධාර දෙපාර්තමේන්තුව මගින් ගෙවනු ලැබේ. මධ්‍යම පළාතේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වූ ළමා නිවාස 35 ක් තිබේ..


 

3. ළමා සුභ සාධන සේවයේ යෙදී සිටින ස්වේච්ඡා සංවිධාන සහ ආයතන සම්බන්ධ කටයුතු

  • ළමා සුභ සාධන සේවයේ යෙදී සිටින ස්වේච්ඡා සංවිධාන සහ ආයතන විමර්ශනය,
  • අධීක්ෂණය හා ආධාර සැපයීම.
  • දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම
  • පරිවාස නිලධාරින් මගින් අධීක්ෂණය කරනු ලැබේ. මේ සෑම ළමා නිවාසයක් සඳහාම අධීක්ෂණ පරිවාස නිලධාරියකු පත්කොට තිබේ.මෙම ළමා නිවාස සඳහා අවශ්‍යතා අනුව යථායෝග්‍යාධාර යටතේ මූල්‍යධාර ලබාදීම හා නේවාසික දරුවන් සඳහා නඩත්තු ආධාර ගෙවීම සිදු වේ.

 


 

4. උපදේශන සේවය ලබාදීම

උපදේශනය අවශ්‍ය ළමුන් සහ වැඩිහිටියන්  සඳහා සේවා සැපයීමට සෑම පරිවාස  කාර්යාලයකටම අනුයුක්ත උපදේශන නිලධාරීන් සේවයේ යෙදී සිටී. මෙහිදී අපයෝජනයට පත් ළමුන් සඳහා මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීම සිදු කෙරේ


5. රැදවුම්නිවාසයක් පවත්වාගෙන යෑම

ළමයින් ළමා උසාවි වෙත ඉදිරිපත් කරන තෙක් හෝ එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව උසාවි තීරණ ගන්නා තෙක් හෝ ඔවුන් රදවා‍ගන්නා නිවාස රැදවුම් නිවාස ලෙස හදුන්වයි. එක් එක් ළමයා සදහා ඉතාම සුදුසු පුනරුත්ථාපන වැඩපිළිවෙල ගැන තීරණයක් ගැනීම පහසුවන අන්දමට මෙහිදී ළමයින්ගේ හැසිරීම් හා ක්‍රියාකාරීත්වය පිළිබඳව නිරීක්ෂණය කොට පරිවාස නිලධාරීන් වෙත වාර්තා ලබදේ. දැනට මධ්‍යම පලාත තුළ පිරිමි ළමයින් සදහා වේරවලවත්ත රැදවුම් නිවාසය පවත්වාගෙන යනු ලබන අතර ගැහැණු ළමුන් සදහා ද එම ස්ථානයේ රැදවුම් නිවාසයක් ඉදිකරමින් පවතී.


6. රජයේභාරගැනීමේළමානිවාස පවත්වාගෙන යෑම

ටික කාලයකට හෝ දිගටම ගෙදර වාසය කිරීමේ වාසනාව අහිමිවූ ළමයින් භාරගෙන ආරක්ෂාව සලසන්න දෙපාර්තමේන්තුවේම පාලනය යටතේ එක් ළමා නිවාසයක් පවත්වාගෙන යනු ලබන අතර, එය මහනුවර දිස්ත්‍රික්කයේ උඩපේරාදෙණිය ටිකිරිසෙවන නමින් පවත්වාගෙන යනු ලැබේ. රෝහල්වල හෝ අතරමග ‍හෝ අත්හැරදමා ගිය ළමයින් හා නොයෙකුත් ආපදාවන්ට පත්වූ දෙමව්පියන්ගේ ළමයින්ද මෙම නිවාසයට ඇතුළත් කරගනු ලැබේ. මෙම ළමයින්ට ඔවුන්ගේ දෙමාපියන් සොයා ඔවුන්ට නැවත භාරදීමට සෑම උත්සාහයක්ම දරයි. එසේ කිරීමට නොහැකි නම් එම ළමයින් දරුකමට හදාවඩා ගැනීමට දීම හෝ එසේ  නොහැකිවන අවස්ථාවල  ස්වේච්ඡා ළමා නිවාසවලට ඇතුළත් කරනු ලැබේ.  නිසි වයසට  පත්වූ පසු සමාජගත කරණු ලැබේ..


7. ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම

ජාත්‍යන්තර ළමා ප්‍රඥප්තියට අනුව ළමුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දරුවන් හා වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව සේවා සපයනු ලබයි. සෑම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයකටම ළමා අයිතිවාසිකම් පිළිබඳ මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇත. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙකු සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කාර්යය සඳහා යොදවා ඇත. මෙම නිලධාරීන් සමග පළාතේ පරිවාස කාර්යාලවල සේවය කරන පරිවාස නිලධාරීන් ඒකාබද්ධ ප්‍රෙවේශයකින්  කටයුතු සිදුකෙරේ.  ළමා අයිතිවාසිකම් උල්ලන්ගනයවීමක් පිළිබඳ  යම් අයෙකුට මෙම නිලධාරීන් වෙත වාර්තා කිරීමට පුළුවන.

මීට  අමතරව පහත සඳහන් සේවාවන් ද  අපගෙන් ඉටු කෙරේ

  • දෙපාර්තමේන්තුවට යොමුකරනු ලබන වැඩිහිටි, තරුණ සහ බාල වරදකරුවන්ගේ චරිත හැඩගස්වා පුනරුත්ථාපනය කිරීම.
  • දණ්ඩ නීති සංග්‍රහය අනුව අපරාධයක් වශයෙන් සැලකෙන දෙයක් නොකලත් දෙමව්පියන්ට අවනත නොවන, පාසැලෙන් කට්ටි පනින, මුරණ්ඩු, සමාජ විරෝධී වැඩ කරන ළමයින් යහ මගට ගැනීම.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම හා ළමා අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
  • රේඛීය අමාත්‍යාංශයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධිකරණය

 

ඔබට දරුවකු විෂයෙහි පහත සඳහන් යම් ගැටළුවක් වේ නම් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඒ සඳහා විසදුම් සැපයීමේ මෙහෙවරක යෙදී සිටියි. එම රාජකාරී කටයුතු සඳහා පරිවාස නිලධාරීන් සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ සේවය ලබාදී තිබේ. 

 

මොනයම් හෝ තැනක දරුවකු

  1. නීතිමය වශයෙන් ළමා අයිතීන් කඩවන තත්ත්වයකට පත්ව ඇත්නම්
  2. දරුවකු ළමා අපයෝජන හා අපචාර තත්ත්වයන්ට ගොදුරුවී ඇත්නම්
  3. දරුවකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම්
  4. දරුවකු ලිංගික අපයෝජනයකට හෝ වෙනත් අකටයුත්තකට ගොදුරුව පුනරුත්ථාපනය සඳහා යොමුකල යුතුනම්
  5. දරුවකුගේ සෞඛ්‍ය හා වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ඇත්නම්
  6. දරුවාගේ අයිතිය සඳහා ඇති අයිතිය සුරක්ෂිත කලයුතුව ඇත්නම්
  7. යම් දරුවකු හදිසි විපත්වලට මුහුණ දී ඇත්නම් හා යම් ආධාර ක්‍රමයක අවශ්‍යතාවය ඇත්නම්
  8. ඉහත විෂයයන් පිළිබඳව ඔබට යම්කිසි දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔබේ  ප්‍රදේශවාසීන්  වෙනුවෙන් සංවිධානය කරගත යුතුව ඇත්නම්
  9. අපගේ සේවාව පිළිබඳව ඕනෑම ගැටළුවක් වේ නම්

මුණගැහෙන්න, කථාකරන්න, එන්න ඔබේ පරිවාස කාර්යාලයට , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව  වෙතට

 

මහජන ආධාර

මහජනාධාර

ආධාර ලැබීමට හිමිකම් ඇත්තේ: මධ්‍යම පළාත තුළ පදිංචි

  • දරුවන්ගෙන් හෝ ඥාතීන්ගෙන් කිසිදු හව්හරණක් නොමැති මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු වැඩිහිටි අයට
  • හදිසියේ ස්වාමියා මිය යාම නිසා දරුවන් සමග අනාථ වූ මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු වැන්දඹු කාන්තාවන්ට
  • ස්වාමිපුරුෂයා අතහැරයාම නිසා  දරුවන් සමග අනාථ වූ මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු වැන්දඹු කාන්තාවන්ට
  • ආබාධිත තත්වයට පත්වූ  මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු පුද්ගලයන්ට


ආධාර ලබ‍ාගැනීම සඳහා අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී සහතිකය සමග

පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් වෙත ලබාදීම කල යුතුය. ඉන් පසු පළාත් සමාජසේවා නිලධාරිගේ නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලැබීමේන් පසු  ආසන්නතම තැපැල් කාර්යාලයෙන් මාසිකව එම මුදල ලබාගතහැකි වේ.

ලබාගත හැකි මුදල

අවමය  රුපියල් 250.00  සිට උපරිමය රුපියල් 500.00  දක්වා මුදලකි. මෙම මුදල තීරණය වන්නේ පවුලේ යැපෙන්නන් සංඛ්‍යාව අනුවය.

 


 

රෝගාධාර

ආධාර ලැබීමට හිමිකම් ඇත්තේ : මධ්‍යම පළාත තුළ පදිංචි පහත සඳහන් රෝගවලට ගොදුරු වු මාසික ආදායම රුපියල් 3000.00ට අඩු පුද්ගලයන් ස‍ඳහාය.

  • ක්ෂයරෝගය
  • ලාදුරු
  • පිළිකා
  • තැලසීමියා
  • වකුගඩු

ආධාර ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • රෝගියකු බව සනාථ කරමින් ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලබාදුන් වෛද්‍ය වාර්ථාව
  • වකුගඩු රෝගය සහ තැලසීමියා රෝගයෙන් පෙළෙන්නන් සඳහා සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙන් රෝහල්වලට නිකුත්කර ඇති විශේෂ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කල යුතුය.
  • ග්‍රාමනිලධාරී සහතිකය

පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරී වෙත ලබාදීම කල යුතුය.  ඉන් පසු ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලැබීමේන් පසු  රෝගය සුවවන තෙක් මෙම ආධාර මුදල තමා පදිංචි ගමේ තැපැල් කාර්යාලයෙන් මාසිකව ලබාගතහැකි වේ.

ලබාගතහැකි මුදල

            අවමය  රුපියල් 450.00  සිට උපරිමය රුපියල් 700.00  දක්වා මුදලකි. මෙම මුදල තීරණය වන්නේ පවුලේ යැපෙන්නන් සංඛ්‍යාව අනුවය.

 


 

පුනරුත්ථාපන ආධාර

 ආධාර ලැබීමට හිමිකම් ඇත්තේ:  මධ්‍යම පළාත තුළ පදිංචි මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු

  • මහජන අධාර ලාභීන් හට
  • ආබාධිත තත්වයට පත්වූ  පුද්ගලයන්ට

ආධාර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී සහතිකය
  • ස්වයංරැකියාවට අදාල දළ ඇස්තමේන්තුව සමග

පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරී වෙත ලබාදීම කල යුතුය. ඉන් පසු පළාත් සමාජසේවා නිලධාරිගේ නිර්දේශය,  ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිතව මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබීමේන් පසු  කොමසාරිස්ගේ අනුමැතියෙන් පසු  ඒ සඳහා අදාල මුදල් ප්‍රාදේශීය ලේකම් වෙත නිදහස් කෙරේ.

ලබාගතහැකි මුදල : උපරිමය රුපියල් 10,000.00  කි.

 


 

ආබාධිත අය සඳහා ආධාර උපකරණ

  • රෝද පුටු
  • අත්වාරු
  • කිහිළිකරු
  • ත්‍රෛසිකල්
  • කෘත්‍රීම පාද
  • කෘත්‍රීම අත්
  • කැලිපස් සපත්තු
  • ඇවිදීමේ රාමු
  • ශ්‍රවණ ආධාර උපකරණ
  • සුදු සැරයටි
  • අක්ෂි කාච
  • ඇස් කණ්නාඩි
  • වෙනත් විශේෂ උපකරණ

උපකරණ ලබාදෙන්නේ

  • උපතින් හෝ පසුකාලීනව ආබාධිත තත්වයට පත්වූ
  • මාසික ආදායම රුපියල් 3000.00 ට අඩු මධ්‍යම පළාතේ පදිංචි අයට

උපකරණ ලබාගැනීම සඳහා  අවශ්‍ය වන්නේ

  • පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී සහතිකය

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සායනයකින්  ලබාගත් වෛද්‍ය වාර්තාවක්  (ඇස් කණ්නාඩි, අක්ෂි කාච, ශ්‍රවණ ආධාර උපකරණ සඳහා අත්‍යවශ්‍ය වේ)

ඉහත ලිපිලේඛන පදිංචි කොට්ඨාසයේ ප්‍රා‍ද්ශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරී වෙත ඉදිරිපත්කොට ඔහුගේ /ඇයගේ නිර්දේශය මත  ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමත කරන ලද වාර්තාව සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබීමෙන් පසු පළාත් කොමසාරිස්ගේ අනුමැතියට යටත්ව අදාල උපකරණය ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලය වෙත නිකුත්කරනු ලැබේ.

 


 

වෙනත්  ආධාර

නඩත්තු ආධාර

මධ්‍යම පළාත තුළ පිහිටා ඇති, දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වැඩිහිටි නිවාස, ආබාධිත ළමා නිවාසවල හා ළමා නිවාසවල නේවාසිකයන් වෙනුවෙන් ඔවුන්ගේ දෛනික ආහාරපාන ස‍ඳහා මාසිකව දෙන ආධාර මුදලකි.

යථායෝග්‍යාධාර ලබාදීම

මධ්‍යම පළාත තුළ පිහිටා ඇති , දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වැඩිහිටි නිවාස , ආබාධිත ළමා නිවාසවල හා ළමා නිවාසවල අත්‍යායශ්‍ය අලුත්වැඩියා කටයුතු, උපකරණ මිලදීගැනීම් වෙනුවෙන්  මෙම ආධාර මුදල ගෙවනු ලැබේ. මෙහිදී අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අදාල ඇස්තමේන්තුගත මුදලින්  සියයට 50 ක් ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 50 අදාල පාලක මන්ඩලය මගින් දැරිය යුතු වේ. එසේ පාලක මණ්ඩලයට එම සියයට 50 දැරීමේ හැකියාවක් නොමැති අවස්ථාවල අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය යටතේ අදාල මුළු ඇස්තමේන්තු මුදලම ගෙවීමට හැකි වේ. එසේම උපකරණ මිලදීගැනීමේ දී ගෙවිය හැකි උපරිම මුදල වන්නේ රු. 75,000.00ක මුදලකි.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව